වසර 18කට පසු රාහු කටකයට
2017 අගෝස්තු මස 18 වන කිවිදින පාන්දර පහ පසුවී විනාඩි 44ට රාහු තමාට සතුරු රාශි භවනක් වූ කටක රාශියට වසර 18කට පසු පිවිසෙනු ඇත. කටක රාශියේ ගුරුට අයත් පුනාවස නැකතේ හතරවන පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ සහ බුධට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් ගමනින් මෙම මාර්තු මස හත්වන දින දක්වාම ගමන් කරනු ඇත.
රාහු කටක රාශි ගතවීම තුළින් අප රටට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව විමසා බලමු.
මහජන සෞඛ්‍ය පිරිහීමට ලක්වන අතර ආරෝග්‍යශාලා රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවේ. රටතුළ අපරාධ ක්‍රියා පුද්ගල පැහැර ගැනීම් ඝාතනය කිරීම් බහුලව සිදුවන වකවානුවක් වේ. කර්මාන්තශාලා විනාශයට පත්වීම් ව්‍යාපාරික ආයතන ගිනිගැනීම් මංකොල්ලකෑම් වාර්තාවේ. මහජන ආයතන ගිනි ගැනීමට ලක්වනු ඇත. ජලය ආශ්‍රිතව කටයුතු කරන ධීවරයන්ටත් නාවික හමුදාවටත් යහපත් නොවන අතර ඔවුන්ගේ යාත්‍රා අනතුරට පත්වීම්ද වාර්තා වේ. කම්කරු වැඩවර්ජන උද්ඝෝෂණ සිදුවන අතර බලාපොරොත්තු නොවූ ආකාරයේ බිහිසුණු මරණ රටතුළ ඇතිවනු ඇත. විශේෂයෙන් පුවත්පත් කර්තෘවරයකුට, ජනමාධ්‍යවේදියකුට මාරක වන අතර වෛද්‍යවරුන්ටද රජයේ උසස් නිලධාරීන්ටද ආරක්ෂක අංශවල අයටද, ව්‍යාපාරිකයන්ටද මාරක ඇතිවනු ඇත. සෞඛ්‍ය සේවා ආයතන රෝහල්වල මූල්‍ය හිඟයක් ඇතිවන අතර සේවකයන්ට වැටුප් ගෙවීමටද ප්‍රශ්න ඇතිවේ. දුම්රියක් ගිනිගැනීමකට ලක්වීමක් හෝ අනතුරට ලක්වීමක්ද වාර්තා වනු ඇත.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී ත්‍රස්ත ක්‍රියාවන්හි වර්ධනයක් ඇතිවන අතර යුද ගිනිදැල් වැඩි වැඩියෙන් ඇවිලී යන්නාවූත් වකවානුවකි. ජාතික කර්මාන්තවලට බලපෑම් ඇතිවන අතර ප්‍රධාන ව්‍යාපාරික ආයතන බිඳ වැටීමට ලක්වනු ඇත. පාලනය කිරීමට නොහැකි ලෙසට වසංගත රෝග පැතිර යයි. මහජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්වනු ඇත. මහජන විප්ලව ඇතිවන අතර කැරලි ගැසීම් උද්ඝෝෂණ වාර්තා වනු ඇත. විනෝදස්ථාන විද්‍යස්ථාන ගිනිගැනීමට ලක්වේ. ප්‍රසිද්ධ නළුවකුට හෝ නිළියකට මාරක යෙදේ. කෘෂි කර්මාන්තයට හානි වන අතර පතල් අනතුරු බහුලව සිදුවනු ඇත.
• මේෂ - වාහන අනතුරු
ඔබගේ ඉක්මන්කම හේතුවෙන් යම් යම් වැඩ අර්බුදකාරී තත්ත්වයට පත්වනු ඇත. භූමිය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම් මතුවේ. රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත් වුවද රථවාහන අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
• වෘෂභ - විදේශ ගතවීම්
ඔබ මෙම වකවානුව තුළ ධාර්මික ජීවිතයක් ගත කිරීමට පෙළඹෙනු ඇත. අධ්‍යාපන කටයුතු හේතුවෙන් විදේශගත වීමට බලාපොරොත්තු වූයේ නම් තම බලාපොරොත්තුව ඉෂ්ට කරගත හැකි වනු ඇත. තමාට එරෙහිව පැවති යම් යම් කුමන්ත්‍රණ සතුරු බලවේග පරාජය කිරීමට හැකියාව ලැබේ.
• මිථුන - උදාරාබාධ
එතරම් යහපත් නොවන අතර ඔබට එරෙහිව යම් යම් බලවේග ක්‍රියාත්මක වනු ඇත. තමන්ගේ උත්සාහයට නිසි ප්‍රතිඵල ලබා ගැනීමට දුෂ්කර වේ. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයටද යහපත් නොවේ. උදරය ආශ්‍රිත ආබාධ තත්ත්වයක් ඇතිවනු ඇත.
• කටක - හිතේ කලබල
තම තනි මතයට වැඩකරන වකවානුවක් වන අතර හිත කලබලකාරී වනු ඇත. නිරන්තරයෙන්ම කෝප ගතියෙන් කටයුතු කිරීම හේතුවෙන් හිතවතුන් තමා සමග අමනාපකම් ඇතිකරගනී. දුර ගමන් විදේශ ගතවීමේ අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන අතර මුත්‍රා ආශ්‍රිත රෝගාබාධයක් උද්ගත වේ.
• සිංහ - සතුරන් මැඩලයි
තැන්පත් ධනය වියදම් වී යන්නාවූත් වකවානුවකි. දුරගමන් විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග මැඩ පවත්වාගෙන කටයුතු කළ හැකිවනු ඇත. ඔබගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කරගත නොහැකිවීම හේතුවෙන් සිත් කලකිරීමට ලක්වන්නාවූ වකවානුවකි.
• කන්‍යා - කල්පනාවෙන් වැඩ
නිවෙසෙන් පිට වැඩි වශයෙන් කාලය ගත කරන්නාවූත් වකවානුවක් වේ. විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. තමා කරගත් දෙයකින්ම කරදරයට පත්වීමට ඇති බැවින් සියලුම කටයුතු සිදුකිරීමට පෙර කල්පනාකාරී විය යුතුවේ.
• තුලා - දුර ගමන් යයි
රැකියාව නිසා හෝ දුර ගමන් යෙදෙනු ඇත. සිත අවිවේකී වන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවේ. භූමිය ආශ්‍රිතව ගැටලු මතුවන වකවානුවකි. රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත.
• වෘශ්චික - සතුරන් මර්දනය වේ.
අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වනු ඇත. සිතේ සහනය අඩු කාලවකවානුවක් වේ. ඔබට එරෙහි සතුරු බලවේග මර්දනය කරගත හැකි වකවානුවක් වනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු වේ.
• ධනු - හදිසි ශරීර පීඩා
ඔබට අයහපත් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා උද්ගත වේ. ඉක්මන් කේන්ති ගතිය නිසා යම් යම් අර්බුදවලට මැදිවේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූ අයට යහපත් වකවානුවකි.
• මකර - උරුම ලැබේ
පවුල් ජීවිතයේ සමගිය පතා යම් යම් ක්‍රියාමාර්ග ගන්නා වූ වකවානුවක් වේ. ධර්මයට ලැදිව ක්‍රියා කරනු ඇත. විවිධ වූ සිතුවිලි වර්ධනය වන්නා වූත් වකවානුවකි. උරුම හිමිකම් ලැබේ.
• කුම්භ - විවිධ බාධා
අයහපත් ඵල අත්වනු ඇත. ඔබ කරන කටයුතුවලට විවිධ බාධා ගෙන දේ. හදිසි ශරීර පීඩා අත්වන්නාවූත් වකවානුවක් වේ. සිතේ සහනය අඩුවනු ඇත. ලැබීම් මාර්ගවලට ද බාධා ඇතිවන අතර යම් යම් ආරංචි හේතුවෙන් බියට පත්වේ.
• මීන - හිතට කේන්තිය
අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර තමාගේ උත්සාහයේ තරමට ඵල අත් නොවේ. කේන්තියෙන් යුක්ත වනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවේ. තම දේ රැක ගැනීමට උත්සාහ දරන්නා වූත් කාල වකවානුවක් වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ
පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල